Tuesday, July 19, 2011

.

ලාංකේය ක්‍රීඩාව ලොවට ගෙනියන උතුරේ හැකියාවන්ට කිලිනොච්චියෙන් පාවාඩ එලෙයි

වසර තිහකට පෙර ඉතිහාසයේ ලාකේය කීර්ති නාමය තහවුරු කිරිම පිණිස උතුරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුදා හළ ශක්තිය යළි දායක කර ගැන්මේ උවමනාව පෙරදැරිව කිලිනොච්චියේ රුපියල් මිලියන 325 ක වියදමින් ඉදි කෙරෙන අංග සම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණයට ජූලි 20 දා මුල් ගල් තැබීමට නියමිතව ඇත.ජනාඪිපති මහින්ද රාජපක්ෂයන් අතින් සිදු කෙරෙන එම ඓතිහාසික කාර්යය පදනම් කර ගනිමින් කිල්නොච්චි දිස්ත්‍රික්කයේ පාසල් 10 ක නව ක්‍රීඩාංගණ 10 ක් ඉදි කෙරෙන අතර පාසල් 15 ට ලෙදර් බෝල ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවශ්‍යය ක්‍රීඩා භාණ්ඩ බෙදා දීමක් ද සිදු වීමට නියමිතය.

එසේම මෙම ජාතික කාර්යය පදනමේ තබා ගෙන ක්‍රීඩාවන් කිහිපයක දක්ෂතා වර්ධනය පිණිස පැවත් වූ ක්‍රීඩා ශක්ති වැඩ සටහනට තෝරා ගැණුනු 2500 ක් පමණ වන පිරිසට ට්‍රැක් බොටම්,ටී ෂර්ට් සහ සපත්තු බෙදා දීමද මේ දිනවල දී සිදු කෙරිණ.


No comments:

Post a Comment